කොහේ හරි යද්දි ලස්සනට ඇඳගෙන යන්න අපි ඕනම කෙනෙක් ආසයිනෙ. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය නම් මේ වැඩේට හරිම ආසයි. අනිත් අය අතරෙ කැපිලා පේන්න, ලස්සනට ඉන්න, ෆැශන් ගැන කතාකරන්න කාන්තාවන්ට ඉඩක් ලැබෙනවා කියන්නෙ ඉතින් ආයෙ ඒ කතාව කොහෙන් ඉවර වෙයිද කියල කියන්න බෑනෙ. අද කතා කරන්නේ Fashion කරද්දි අපි කරන වැරදි කීපයක් ගැන.
1. වැරදි Size එක
මෙන්න මේක නම් ගොඩක් අය කරන Fashion mistake එකක් විදියට හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. සමහර වෙලාවට “අනේ අපිට තියෙන්නෙ හරි පොඩි ඇඟක්, මම කෙට්ටුයි” වගේ කියල පෙන්නන්න අපි අපේ Size එකට වඩා පොඩි ඒව අඳිනවා. එහෙම නැත්තම් ඇඟේ ඇත්ත Size එක වහගන්න වගේ ගෝනි වගේ ඇඳුම් අඳිනවා. මේ දෙකෙන්ම අපිට ඇත්තටම හරිම කැත පෙනුමක් තමයි ලැබෙන්නෙ කියල ඔයාලා දැනගෙන හිටියද?
මොකද ඔයා ඔයාගේ Size එකට නොගැළපෙන ඇඳුම් අඳින එකෙන් වෙන්නෙ ඔයා Fashion නොදන්න කෙනෙක් විදියට පේන එක. හරි ගාණට ඇඳුම් අඳින එකෙන් ඔයාට ලස්සනක් වගේම Confident look එකකුත් ලබා දෙනවා.
2.වැරදි යට ඇඳුම්
අපි ගොඩක් වෙලාවට හිතන්නෙ උඩට අඳින ඒවයි ලස්සන පෙනුම ගැන විතරක් උනාට උඩට අඳින ඒවයි ලස්සනට යටට අඳින ඒවයි නිසි ප්රමිතියත් බලපාන බව අමතක කරන්න එපා. හරිම Bra එක, underwear එක වගේම shapewear වලිනුත් ඔයාගෙ ඇඳුම්වලට ලස්සන නිමාවක් වගේම ඔයාට Confidence එකක් දෙනවා. එලියට පේන Panty liners,loose fitted bra කියන්නෙ ඔයාගෙ ඇඳුමෙ පෙනුම සෑහෙන අඩු කරන්න හේතුවෙන දෙයක්.
3. Personal Style එක අමතක කරන එක
සමහර වෙලාවට අපි Trend එකත් එක්ක යන්න උත්සහ කරද්දි අපිට අපේ Personal style එක අමතක වෙන්න ඉඩක් තියෙනවා. මේකෙන් සමහරවෙලාවට අපි අපිට ගැළපෙන්නෙ නැති ඇඳුම් අඳින්නත්, Fashion කරන්නත් ඉඩක් තියෙනවා. ඔයාගෙ Personality එකට නොගැළපෙන ඇඳුමක් කොච්චර ලස්සන උනත් ඇන්දට ඒකෙන් ඔයාට කිසිම ලස්සනක් හෝ Confidence එකක් නොලැබෙන්න ඉඩක් තියෙන්න පුළුවන්.
4. ඕනවට වඩා Accessories දාන එක
අපි දන්නව ලස්සන Accessories දාන එකෙන් අපේ ඇඳුමට ලස්සන Finish එකක් ලැබෙනව කියන එක. හැබැයි කිසිම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියනවා වගේම ඕනවට වඩා Accessories දාන එකෙනුත් වෙන හොඳක් කියල දෙයක් නෑ.
5. තැනට නොගැළපෙන ඇඳුම්
මේක නම් ගොඩක් අය අතින් වෙන වරදක්. සමහර වෙලාවට වෙඩින් එකකට, පාටි එකකට අපි ලස්සනට ඇඳගෙන ගියාට ඔෆිස් එහෙම යද්දි අපි පොඩ්ඩක්වත් නොගැළපෙන ඒව ඇඳගෙන යනවනේ. හරි Impact එකක් දෙන්න නම් ඔයා තැනට සුදුසු විදියට කොහෙ ගියත් ඇඳගෙන යන්න ඕන කියන එක අමතක කරන්න එපා.
7. Experiment කරන්න තියෙන බය
හැමදාම එකම විදියට නම් අඳින්නෙ පලඳින්නෙ ඔයාගෙ ඇඳුම් සෙට් එක හැමදාම එකම විදියෙ, boring එකක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. සමහර අය හරිම බයයි අලුත් Colors, Style, Patterns try කරන්න. මොකද ගොඩක් අය හිතනවා ඒකෙන් තමන්ගෙ Personal style එක mess up වෙයි කියලා. හැබැයි අමතක කරන්න එපා සමහර වෙලාවට අපිට අපිව Upgrade කරගන්න පොඩ්ඩක් විතර Experiment කරන්නත් වෙනවා.
අන්තර්ජාලය ඇසුරෙන්
පවනි දිලේකා ✍️