අපට හිතුමතයේ ජීවත් විය නොහැකියි. බොහෝ කල් ජීවත්වීම අප අපේක්ෂාව නම් දෛනිකව කළ යුතු දේවල් අප විසින් මනාව සැලසුම් කර ගත යුතුමය. උදෑසන ආහාරය පමණක්ම නොවේ. දිවා ආහාරය මගින් සිරුරේ පරිවෘත්තීය ක්රියාවලියකෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිකරන බව පර්යේෂණ මගින් හෙළි වෙයි. බවය එපමණක්ද නොවේ, සිරුරේ ශක්ති මට්ටම්, රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වාගෙන යෑම, ඇතුළුව සමස්ත සෞඛ්‍ය කෙරෙහි දිවා ආහාරය ඉටුකරන්නේ වැදගත් මෙහෙයකි. මේ නිසාම දිවා ආහාරය ගන්නා වේලාවද වැදගත් වෙයි. නියමිත වේලාවට කළින් හෝ පසුව ගන්නා දිවා ආහාරය සිරුරේ ශක්ති මට්ටම් සහ කුසගිනි නියාමනය, කෙරෙහි බලපෑම් කරන අතරම, දිගු කාලීනව සිදුකිරීමෙන් සිරුරේ බර කළමනාකරණය අඩාලවීම සහ දියවැඩියා අවදානම ආදී අහිතකර ප්‍රතිඵල ඇති කරයි.
සුදුසුම වේලාව
පරිවෘත්තීය ක්‍රියාවලිය ගැන සැලකීමේදී පර්යේෂකයින් යෝජනා කරන්නේ ආහාර ගැනීමේ සුදුසුම වේලාව දහවල් 12:30 බවයි. මෙම වේලාව සිරුරේ ස්වභාවික කුසගිනි වේලාව හා සමපාත වන අතර, ග්ලූකෝස් නියාමනය සහ ඉන්සියුලින් ප්‍රතිචාරය කෙරෙහි අනුකූලතාවක් දක්වයි.
දහවල් 2න් පසු ගන්නා ආහාරය
දහවල් දෙකෙන් පසුව ගන්නා දිවා ආහාරය නිසා රුධිරයේ සීනි මට්ටම වැඩිවීම සහ ඉන්සියුලින් ප්රතිරෝධතාව ඇතිවෙයි. කාලයක් සිදුකිරීමේදී 2 වන වර්ගයේ දියවැඩියා අවදානම ඇතිකරයි. එසේම උදෑසන 08:30 ට උදෑසන ආහාරය ගත්තත් එතැන් සිට පැය04 කට අධීක කාලයක් ගතවන නිසා 12:30ට ආහාර ගැනීම ප්‍රයෝජනවත් වේ. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකීම සහ සිරුරේ ඵලදායීතාව වැඩිවීම සිදුවෙයි.
කළින් ගැනීමත් අහිතකරයි
නියමිත වේලාවට පෙර ගන්නා උදෑසන ආහාරය පරිවෘත්තීය ක්‍රියාවලියට සහ කුසගිනි නියාමනයට බාධාකරයි. 11 ට පෙර ගන්නා ආහාරයෙන් පසු කාලයේදී ඇතිවන කුසගින්න නිසා කෙටි ආහාර ගැනීමට ඔබ පොළඹවයි. එය සිරුරේ කැලරි ප්‍රමාණය වැඩි කරන අතර බර වැඩිවීමට හේතුවේ.
බර අඩුකර ගැනීම සහ දිවා ආහාරය
සිරුරේ බර අඩුකර ගැනීමට වැදගත් වන්නේ දිනකට ගන්නා සම්පූර්ණ කැලරි ප්‍රමාණයයි. කාන්තාවන් කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමකට ලොකු දිවා ආහාරයක් සහ සුළු රාත්‍රී ආහාරයක්ද අනෙක් කණ්ඩායමට එහි පරස්පරයද ලබා දී ඇත. පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ විශාල දිවා ආහාරයක් ගත් කාන්තාවන්ගේ බර වඩා අඩුවී ඇති බවයි.
ආහාර වේලට පෙර කුසගිනි දැනේ නම් යෝගට්, අඩු සෝඩියම් සුප්, පළතුරු සහ ඇටවර්ග සුළු ප්‍රමාණයක් භාවිතයට ගන්න.සෞඛ්‍යයට හිතකර රටාවක් ගොඩනගා ගන්න
දිවා ආහාරය සකස්කර ගැනීම ගැන උදය වරුවේ සිත යොමුකරනු වෙනුවට රාත්‍රියේදීම ඒ ගැන සූදානමස් වීම අරඹන්න. ආහාර පිඟානෙන් අඩක් පිෂ්ඨය රහිත එළවළුවලින්ද, ඉතිරි අඩ ප්‍රෝටීන, කෙඳි සහිත ආහාර, සෞඛ්‍යමය මේද ආදියෙන්ද සමන්විත විය යුතුය. සිරුරට නිසි පරිදි සවන්දෙන්න. එවිට නියමිත වේලාව ඉබේටම දැනෙනු ඇත.
https://www.today.com/health/diet-fit ඇසුරිනි
සුනිල් අල්ගම ✍️