ස්වභාවධර්මය විසින් ඇති කරන භූමිකම්පා මෙන්ම, මිනිසා විසින් ඇති කරන ලද භූමිකම්පා භයානක, මාරාන්තික වීමට පවා හැකියාව ඇත. තවද භූ විද්‍යාඥයින් මෙම භූමිකම්පා මිනිසුන්ට සහ පරිසරයට ඇති කළ හැකි ප්‍රතිවිපාක තේරුම් ගැනීමට පටන් ගෙන ඇත. භූ විද්‍යාඥයින්ට පෙනී ගොස් ඇත්තේ ස්වභාවධර්මය විසින් ඇති කරන භූමිකම්පා මෙන්ම මිනිසා විසින් ඇති කරනු ලබන භූමිකම්පාද භයානක විය හැකි බවයි.
මොනවාද මේ කියන මිනිස් ක්‍රියාකාරකම්
මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන භූමි කම්පා ස්වභාවික ඒවාට සමාන වන නමුත්, බොහෝ විට ස්වභාවික භූ කම්පන සිදුවන ප්‍රදේශවලින් බැහැරව සිදුවේ. ස්වභාවික භූ කම්පන සිදුවන්නේ ඒ හා සම්බන්ධ කලාපවලය.
පර්යේෂණ වාර්තාවට අනුව ලොව පුරා සිදුවූ මිනිසුන් විසින් ඇතිකරනු ලැබූ භූමි කම්පා වැඩි සංඛ්‍යාවක් සඳහා පතල් කැණීම් හේතු විය. (මේ ආශ්‍රිතව පොකුරු භූමි කම්පා ඇති විය) පෘථිවිය හාරා ද්‍රව්‍ය ඉවත්කිරීම නිසා එහි ස්ථාවරත්වය බිඳෙයි.
මින් ඇතිවන හදිසි පස් කඩා වැටීම් භූ කම්පන ප්‍රේරක ලෙස ක්‍රියාකරයි. ස්ථාන 167 කම භූමිකම්පා සක්‍රිය කිරීමට ජල සංචිත අවහිර කිරීම් සහ වේලි ඉදිකිරීම් හේතුවී ඇත.
2008 දී චීනයේ සිචුවන් ප්‍රාන්තයේ සිදුවූ 80, 000කට මරු කැඳවූ රික්ටර් 7.9 ක භූමිකම්පාවට හේතුව සිපිංපු ජලාශයේ දෝශයක් නිසා එකතු වූ ටොන් මිලියන 320 ක බරකින් යුත් ජල ධාරිතාවක් බවට වාර්තා විය.
මිනිස් ක්‍රියාකාරකම් ගැන දත්ත
භූමිකම්පා සහ මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයනයකදී භූමිකම්පාවලට හේතුවූ හයිඩ්‍රෝලික් ෆ්‍රැක්චරින් (Fracking) සහ එයට අනුබද්ධිත අපද්‍රව්‍ය නිස්සාරණ ක්‍රියාකාරකම් නිසා ඇතිවූ සිද්ධීන් හඳුනාගෙන ඇත.
ස්ථාන 29 කදී සෘජුවමද, 36 කදී ප්‍රැකින්වලින් පසුව සිදුකරන ලද නල මගින් අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන්ද, තවත් ස්ථාන 12 කදී ප්‍රැකින් සම්බන්ධ නොවන ගෑස් සහ තෙල් නිෂ්පාදනය හා සම්බන්ධ අප ජලය බැහැර කිරීම් හේතුවෙන්ද භූඹිකම්පා ඇතිවී තිබේ.
ස්ථාන 22 ක සහ ඉදිකිරීම් ස්ථාන දෙකක ඇති වූ න්‍යෂ්ටික පිපිරීම්ද භූ චලනවලට හේතුවී ඇත. පෘථිවයට ස්කන්ධයක් එකතු කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් භූ චලන ඇතිවීම පුදුමයට හේතුවක් නොවන බව University of Durham geophysicist පර්යේෂකයින්ගේ අදහසයි.
විද්‍යාඥයින්ගේ අපේක්ෂාව
මිනිසුන්ගේ පතල් හෑරීම් සහ අපජලය පොළොවට පොම්ප කිරිමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කරනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකි නමුත් භූමිකම්පා ගැන වඩා හොඳින් අවබෝධ කර ගැනීම තුළීන් 2008 දී චීනයේ ඇතිවූ දරුණුතම භූ කම්පාව වැනි ව්‍යසනයන් අවම කරගැනීම සඳහා ඉංජිනේරුවන්ට කටයුතු කළ හැකිවනු ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි.
https://www.nationalgeographic.com ඇසුරිනි
සුනිල් අල්ගම ✍️