මිනිත්තු 30 ක් බයිසිකල් පැදලා එක් පිට්සා එකක් ආහාරයට ගතහොත් ඒ ව්‍යායාමයෙන් ඵලක් නැත ඔබ ව්‍යායාම කරන්නේ ඇයි? කවුරුන් හෝ ඔබෙන් ඇසුවොත් ඔබේ සෘජු පිළිතුර මෙය විය හැකියි.මේදය දහනය වීමට… නමුත් ඔබ එසේ සිතුවත් ශරීරය විසින් මේදය දහනය කිරීමේ ක්‍රියාවලිය එකවරම සිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ශරීරයේ ශක්තිය, භාවිතය, කාලය සහ ව්‍යායාමයේ ස්වභාවය මත රැඳී තිබෙනවා. බ්රසිලයේ සා ඕ පාවුලෝ ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා මහාචාර්ය පෝලෝ කොරියා විසින් මේ පිළිබඳව අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. අපේ සිරුරේ ආසන්නතම ශක්ති සංචිතය වන්නේ ග්ලයිකොජන් නැමැති පිෂ්ඨ ධාතුවයි. එය මාංශ පේශිවල සහ අක්මාවේ තැන්පත් වී තිබෙනවා. අපි ආහාරයට ගන්නා පළතුරු, එළවළු, හිතකර සීනි අඩංගු කෙටි ආහාර, සුදු පාන් වැනි ආාහරවලින් ලැබෙනවා. මේවායේ අහිතකර කැලරි වැඩියෙන් ඇති අතර පෝෂණ පදාර්ථ අඩුවෙන් තිබෙනවා. ඒ නිසා දහනය කරනවාට වඩා කැලරි ප්‍රමාණයක් අපි ආාහරයට ගන්නා විට ඒවා මේද ලෙසින් ගබඩා වෙනවා. මෙය බිඳ දැමීමට වැඩි ශක්තියක් අවශ්‍ය බැව් මහාචාර්ය පෝලෝ සඳහන් කරනවා.
පහසු උදාහරණයක්…
මේ සංසිද්ධිය තේරුම් කිරීමට ඉතා සරල උදාහරණයක් ටෙක්සාස් නිරිත දිග විශ්වවිද්‍යාලයේ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳ මහාාචර්ය එච්. මෙරිට් විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඉටිපන්දමක මේදය අන්තර්ගතයි. එය ඉතා සෙමින් හා එකාකාරි ලෙසින් දහනය වෙනවා. නමුත් ලී කැබැල්ල ඊට වෙනස්. එය ඉක්මනින් දහනය වී අළු බවට පත් වෙනවා. ව්‍යායාමවලින් සිදු වෙන ක්‍රියාවලියත් මීට සමානයි.
ශක්තිය අවශ්‍ය වේලාවට අපි වැඩියෙන් මේදය දහනය කරනවා. ශක්තියට ඇති ඉල්ලුම අඩු වනවිට අපි වැඩියෙන් මේදය භාවිත කරනවා. අපි මේදය දහනය කිරීම සඳහා මන්දගාමීව ව්‍යායාමවල යෙදීම ප්‍රතිඵලයක් නැහැ. දියවැඩියාව, හෘද රෝග සහ ඔස්ටියෝපොරෝසිස් වැනි නිදන්ගත රෝග වලක්වා ගැනීමට මාංශ පේශි ස්කන්ධය මූලික මෙහෙවරක් ඉටු කරනවා.
ව්‍යායාම මගින් අපට ලැබෙන වාසි…
දෛනික ජීවිතයේ සිදු කරන ව්‍යායාම මගින් අපට ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා.
- ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීම ( Body Mass index )
- ශරීරයේ හැඩය පවත්වා ගැනීම
- හෘදරෝග, දියවැඩියාව සහ රුධිරගත කොලස්ටරෝල් මට්ටම මනාව පාලනය කර ගැනීම
- ආහාර ජීරණ ක්‍රියාවලිය මෙන්ම ශරීරයේ පරිවෘත්තික ක්‍රියාවලිය යහපත් තත්වයක තබා ගැනීම
- රුධිරය පිරිසිදු කිරීම සහ ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත් වීම
තෝරා ගත යුතු ව්‍යායාම මොනවාද…?
ඔබ ව්‍යායාම කිරීමේදී ක්්රාස්ජ ව්‍යායාම මත පමණක් රැඳී සිටීම අවශ්‍ය නැහැ. දිවීම, බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම්වලින් වුණත් කැලරි දහනය කර ගැනීමට පුළුවන්. මේදය සහ ශරීරයේ බර අඩු කර ගැනීමට එවැනි වයායාමත් එක සේ ප්‍රයෝජනවත් වෙනවා.
ව්‍යායාම කිරීමෙන් පසු ආහාර ගැනීම…
ඔබ ව්‍යායාම කිරීමෙන් පසුව නැවත ශක්තිය ලබා ගැනීමට ඔබේ ශරීරය ක්‍රියා කරනවා. ඔබ වහාම ආහාර නොගතහොත් ඒ අඩුව පිරවීම සඳහා ශරීරයේ ගබඩා වී ඇති මේදය දහනය වෙනවා. ඒ නිසා ඔබ වේගයෙන් දිවීම, වැඩි බරක් එසවීම වැනි ක්‍රියාකාරකම්වල යෙදෙනවා නම් වහාම ආාහර ලබා ගත යුතු බවත් මෙට්රි සඳහන් කරනවා. මේදය දහනය සඳහා ාකබොහයිඩ්ඩ්රේට ආහාර අඩු කළ යුතු බවට වූ උපදෙස් ලැබුණත් මේදය දහනය වීමෙන් පසු ශක්ති අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි වූ විට ශරීරය ග්ලුකෝස් සඳහා මාංශ පේශි පටක බිඳ දැමීමට පටන් ගන්නවා.
ඒ නිසා ඔබේ කාබොහයිඩ්ඩ්‍රේට ප්‍රමාණය අඩු වූ විට තෙහෙට්ටුව, මාංශ පේශි දුර්වලවීම සහ මාංශ පේශි පරිමාව අඩුවීම, වැනි අහිතකර තත්ත්වයන් ඇති වෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ග්ලයිකොජන් යථා තත්ත්වයක තිබීම ඉතා වැදගත් අතර මෙම ඌණතාවය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවා දුර්වලතාවයන් ඇති වීමට හේතු විය හැකි බවටත් මෙම පර්යේෂකයන් විසින් අනතුරු දන්වා සිටිනවා.
ව්යායාමවලටත් වඩා ආහාර පාලනය වැදගත්…
ඔබ ක්‍රියාශීලි චරිතයක් නොවන්නේ නම් මේදය ගබඩා වීමට වැඩි අවදානමක් තිබෙනවා. නමුත් වයායාමවලින් පමණක් මේදය දහනය කිරීම අපහසුයි. මේදය කිලෝග්‍රෑම් එකක ශක්තිය කැලරි 7000 කට සමාන වන අතර ඔබ මිනිත්තු 30 ක් බයිසිකල් පැදීමෙන් කැලරි 300 ක් දහනය වෙනවා.
මුත් එක් පිට්සා එකක් ආහාරයට ගතහොත් දහනය වුණ කැලරි ප්‍රමාණය නැවත උත්පාදනය වෙනවා. ඒ නිසා ඔබේ නිරෝගී පැවැත්මට ව්‍යායාම අත්‍යවශ්‍යයි. නමුත් ව්‍යායාම මගින් දහනය වන කැලරි ඉතා පහසුවෙන් ආහාර මගින් ප්‍රතිස්ථාපනය වන නිසා ඒ ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්.
ඔබ වැය කරන කැලරි ප්‍රමාණයට වඩා ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය වැඩි නම් ශරීරයේ මේද තැන්පත් වීම සිදු වෙනවා. ඒ වගේම ඔබ ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණයට වඩා දහනය වන ප්‍රමානය වැඩි නම් ශරීරයේ බර අඩු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා ව්‍යායාම වගේම ව්‍යායාම සමග ආාහර පිළිබඳවත් පාලනයක් පවත්වා ගැනීමත් ඉතාම වැදගත්.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️