කැරට් කියන්නේ අපි එදිනෙදා භාවිත කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු එළවළුවක්. ව්‍යංජනයක් ආකාරයට වගේම සලාද, යුෂ සහ තවත් විවිධ ආකාරවලින් අපේ පරිභෝජනය සඳහා කැරට් භාවිත කරන්නට පුළුවන්. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ දිනපතා කැරට් පානය කළොත් ඔබේ ශරීරයට සිදුවන දේ පිළිබඳවයි.
කැරට්වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මොනවාද ?
කාබෝහයිඩ්රේට
තන්තු
විටමින් A
බීටා කැරොටින්
නියාසින්
පිරිඩොක්සීන්
ඛනිජ
දිනපතා කැරට් යුෂ පානය කිරීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්රතිලාභ මොනවාද?
ඇස් පෙනීම වැඩි දියුණු කරයි කැරට්වල විටමින්A, බීටා-කැරොටින් සහ ලුටීන් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර ඒවා සියල්ලම හොඳ ඇස් පෙනීමක් පවත්වා ගැනීමට උපකාරී වනවා. ඒ වගේම විටමින් A යනු දෘෂ්ටි විතානයේ යෂ්ටි සෛලවල බහුලවම ඇති ප්‍රෝටීනය වන රොඩොප්සින් ප්‍රෝටීනයේ සංඝටකයක් වන අතර එමගින් ” රාත්‍රී අන්ධභාවය ” බොහෝ දුරට වළක්වනවා.
හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි
කැරට් වල ප්‍රතිඔක්සිකාරක රාශියක් අඩංගු වන අතර කැරට් වල අඩංගු බීටා-කැරොටින් විටමින් A බවට පරිවර්තනය කර රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම සිදු කරනවා. මෙය හෘදයාබාධ ඇතිවීම බොහෝ දුරට වළක්වනවා.
මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි
කැරට් යුෂවල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක සහ ඛනිජ ලවණ මගින් විටමින් ඌණතාවය, නින්දේ ගැටලු, මානසික අව පීඩනය ඇතුළු බොහෝ තත්ත්වයන් ඇති කරන Brain fog නැමැති තත්ත්වය පාලනය කරනවා.
ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි
කැරට් යුෂවල විටමින් C ඇතුළු ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරීවෙනවා. විටමින් C ආසාදන හා රෝග වලට එරෙහිව සටන් කරන සුදු රුධිරාණු නිපදවීමට ද සහාය වනවා. මෙය කැරට් යුෂ ඔබේ ශරීරයේ ස්වාභාවික ආරක්ෂක පද්ධතිය වැඩි දියුණු කිරීමට සහ සෙම්ප්‍රතිශ්‍යාව සහ රෝගවලින් ආරක්ෂාවීමට විශිෂ්ට විකල්පයක් බවට පත් කරනවා.
සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරයි
කැරට් යුෂවල ඇති ප්‍රතිඔක්සිකාරක, විශේෂයෙන් බීටා-කැරොටින් සහ විටමින් C, සමේ සෞඛ්‍යයට වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. බීටා-කැරොටින් සම හිරු එළියෙන් හානිවලින් ආරක්ෂා කිරීමට සහ නොමේරූ වයසට යාම වළක්වනවා.
ඒ වගේම, විටමින් C කොලජන් නිෂ්පාදනයට සහාය වන අතර එය සමේ නම්‍යතාවය පවත්වා ගැනීමට සහ රැළි වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. දිනපතා කැරට් යුෂ පානය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න, වඩාත් දීප්තිමත් සමක් ලබා ගත හැකිය.
ශරීරයේ විෂ ඉවත් කරයි
කැරට් යුෂ යනු ස්වාභාවික විෂ නාශකයකි. ප්‍රතිඔක්සිකාරකවල ඉහළ මට්ටම් ශරීරයට සෛලීය හානි ඇති කළ හැකි විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වෙනවා. විෂ ඉවත් කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අක්මාවට කැරට් යුෂවල ඇති පිරිසිදු කිරීමේ ගුණාංවලින් ප්‍රයෝජන ගත හැකිය. මෙය ශරීරයට හානිකර ද්‍රව්‍ය ඉවත් කිරීමට සහ ප්රශස්ත ඉන්ද්රිය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට උපකාරී වනවා.
https://www.healthline.com ඇසුරෙන්
පවනි දිලේකා ✍️