මානසික අවපීඩනය සහ අඩු සමාජ ආර්ථික තත්වය අධික නින්ද සමග දැඩි ලෙස සම්බන්ධ බව පර්යේෂකයෝ පවසති. විශේෂයෙන්ම දුප්පත්කම සෞඛ්‍ය සේවා සඳහා අඩු ප්‍රවේශයක් ඇති කිරීම මගින් හෘද රෝග වැනි රෝග විනිශ්චය නොකර පවත්වාගෙන යන රෝග වැඩිවිය හැකිය. එම තත්වය අධික නින්දට හේතුවිය හැකිය.
වැඩි නින්ද කියන්නේ කුමක්ද?
නින්දේ අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එසේම ඔබගේ වයස් මට්ටම හා සෞඛ්‍ය සහ පුරුදු මතද රඳා පවතී. එහෙත් විශේෂඥයින් පවසන්නේ වැඩිහිටි පුද්ගලයකු දිනපතා පැය7-9 අතර කාලයක නින්දක් ලබාගත යුතු බවයි.
මිනිසුන් වැඩිපුර නිදාගන්නේ ඇයි?
Hypersomnia රෝගය පුද්ගලයකු දවස පුරා නිදාගැනීමට යොමු කරයි. අමතර කෙටි නින්ද ඔවුන් සෑහීමකට පත් නොකරයි. එවැනි බොහෝ දෙනෙකුට කාංසාව, ශාරීරික බෙලහීනත්වය සහ මතකය අඩුවීම ඇතිකරයි.
නින්දේදී හුස්ම හිරවීමේ ආබාධයද Obstructive sleep apnea, සාමාන්‍ය නිදි රටාවට බාධා කරමින් අධික නිදි අවශ්‍යතාව ඇතිකරයි. එහෙත් මෙම ආබාධය සියලුදෙනාටම පොදු නැත. විවිධ ඖෂධ ලබාගැනීම, මත්පැන්, කාංසාව සහ වෙනත් සෞඛ්‍ය හේතූන්ද අධික නින්ද කෙරෙහි බලපායි.
දියවැඩියාව
සෑම දිනෙකම අධික නින්දක් හෝ අඩු නින්දක් ලබාගැනීම යන හේතු දෙකම දියවැඩියාව කෙරෙහි බලපායි.
තරබාරුකම
දිනකට පැය 9-10 අතර කාලයක් නිදාගත් පුද්ගලයින් හා සැබඳි නිරීක්ෂණවලදී, ඔවුන්ගෙන් 21% ක්ම, වසර6ක කාලයකදී, පැය7-8 අතර දෛනික නින්දක් ලබාගත් පුද්ගලයින්ට වඩා තරබාරුවීමට ගොදුරුවී තිබේ. ඔවුන්ගේ ආහාර ගැනීම සහ ව්‍යායාම රටාවද සැලකිල්ලට ගන්නා ලදී.
හිසරදය
සති අන්තයේදී හෝ නිවාඩුවක් ගතකිරීමේදී අධික නින්දට යොමුවෙන සමහරුන්ට අධික හිසරදය ඇතිවෙයි. පර්යේෂකයින් පවසන්නේ අධික Serotonin ඇතුළු මොළයේ ස්නායු සම්ප්‍රේෂක Neurotransmitters කෙරෙහි බලපෑමක් ඇතිකරන බවයි. දහවල අධික ලෙස නිදාගැනීම නිසා රාත්‍රි නින්ද අඩාල කරගන්නෝද උදෑසන ඇතිවන හිසරදයට ගොදුරු වෙති.
කොන්දේ වේදනාව
කොඳුඇට පෙළ වේදනාව සඳහා වූ සුපුරුදු වෛද්‍ය නිර්දේශය දැන් වෙනස්වී ඇත. එසේ ඇතිවිට ඔබට තවදුරටත් දෛනික කටයුතුවලින් සහ ව්‍යායාමවලින් වැළකී සිටීම අවශ්‍ය නොවනු ඇත. දැන් වෛද්‍යවරුන් අවබෝධ කර ඇත්තේ යම් මට්ටමක ශාරීරික ක්‍රියාකාරකම් සෞඛ්‍ය පවත්වාගෙන යෑම සඳහා උපකාරී වන බවයි. ඔවුන් නිර්දේශ කරන්නේ අධික නින්දෙන් වැළකීමටයි.
මානසික අවපීඩනය Depression
නින්ද නොයාම සබිදපබස් මානසික අවපීඩනය හා පොදුවේ සම්බන්ධ වූවත්, දළ වශයෙන් 15% ක් පමණ වූ මානසික අවපීඩනයෙන් පෙළෙන්නෝ අධික ලෙස නිදාගැනීමේ රෝගයට ගොදුරු වූවෝ වෙති. මෙහි අතුරු ඵලය ලෙස සිදුවන්නේ ඔවුන්ගේ මානසික අවපීඩනය තවත් උත්සන්න වීමකි. ඊට හේතුව නිතිපතා කෙරෙන ක්‍රමවත් නින්ද සුවවීමේ ක්‍රියාවලියට දායක වන බැවිනි.
හෘදයාබාධ
කාන්තාවන් 7200 ක් පමණ යොදා කෙරුණු හෙද හෙදියන්ගේ සෞඛ්‍ය අධ්‍යයනයක් හෙළි කරන්නේ පැය 9-11 අතර දෛනික නින්දකට යොමුවූ කාන්තාවන්ගෙන් 38% ක් පමණ පැය8ක නින්දක් ලැබූ කාන්තාවන්ට වඩා කිරීටක coronary හෘද රෝගයට ගොදුරු වූ බවයි. එහෙත් පර්යේෂකයින් අධික නින්ද සහ හෘදයාබාධ අතර සම්බන්ධය තවම තහවුරු කර නොමැත.
https://www.webmd.com ඇසුරිනි
සුනිල් අල්ගම ✍️