ඉරිසියාව හොඳ දෙයක් නොවේ. එයින් කරන පුද්ගලයාට මෙන්ම ලබන පුද්ගලයාටද අනර්ථයක් සිදුවිය හැකිය. ඉරිසියාව ස්වභාවයෙන්ම පැන නගින්නක් වූවත් ඒ පිළිබඳව විමසීමකින් සිටින අයකුට ඉන් මිදීම සඳහා සුදුසු පියවර ගත හැකිය.
මූලාශ්‍ර සොයා යන්න
ඊ්ර්ෂ්‍යා හැඟීමක් සිත තෙරපන බව දැනුසු විගසම මුල්වූ මූලාශ්‍ර සොයන්න. ඔබට අහිමු වූ දෙයක් අන් අයකුට ලැබීම හෝ තවකෙකු සතුටින් සිටීම, අනාරක්ෂිත බව, භීතිය හෝ වැනි ඕනෑඹ කරුණක් ඊට හේතුවිය හැකියි. එය තේරුම් ගැනීම තුළින් එයට මුහුණදිය යුතු ආකාරය විමසා බලා ඊර්ෂ්‍යා හැඟීම වළක්වා ගත හැකිය.
සංවාදයේ යෙදෙන්න
ඔබගේ හැසිරීම බොහෝ විට අදාළ පුද්ගලයින්ට ගැටලුවක් විය හැකිය. අවංකව ඔවුන් හා සාකච්ඡා කිරීම ගැටලු විසඳා ගැනීමේ පහසු මගයි.
විශ්වාසවන්ත මිතුරකු සොයා යන්න
ගැටලුවට කිසිසේත් සම්බන්ධ නැති ඇත්ත වශයෙන්ම ඔබට හිතැති මිතුරකු සිටී නම් සාකච්ඡාවේ යෙදෙන්න. මෙය ඊ්ර්ෂ්‍යා හැඟීම මනසින් ඉවත් කිරීමට පහසු මගකි.
වෙනස් කෝණයකින් බලන්න
අත්හැර ගතයුතු නරක දෙයක් ලෙස සිතමින් සිතට වද දීම වෙනුවට එහි ප්‍රයෝජනය අත්විඳීමට සිතා බලන්නන. ඊර්ෂ්‍යාව යනු ඔබට අහිමි දේ සහ ඔබට අවශ්‍ය දේ අතර ඇති වෙනස ලෙස සිතන්න. මේ නිසා ඔබට අවශ්‍ය දේ ලබාගැනීම සඳහා ක්රමෝපායන් සකස්කර ගැනීමේ මාර්ගයක් ලෙස ඊර්ෂ්‍යාව හඳුනා ගන්න.
වෙනත් කෙනෙකුගේ ඇසින් බලන්න එපා
ඔබගේ ගැටලුව දෙස වෙනත් අයකුගේ පරමාදර්ශී හෝ අසම්පූර්ණ දෘෂ්ටිකෝණයකින් නොබලන්න. මිනිසුන් සිතන්නේ වෙනස් ආකාරයකිනි. එනිසා ඒ අනුව සිතීම ඊ්ර්ෂ්‍යාව මතුවීමට හේතුවෙයි.
කෘතඥතාව පුහුණු වෙන්න
ඔබට අවශ්‍ය සියල්ල ඔබට නොතිබිය හැකිය. එය ඔබට පමණක් නොව සියලුදෙනාටම පොදු දෙයක් බව සිතන්න. එසේම ඔබ සතු දේ අන් අයකුට නොතිබිය හැකිය. සමහරවිට ඔබ අපේක්ෂා නොකළ දේ පවා ඔබ සතුවිය හැකිය. එබැවින් ඔබ සතු පුංචි දෙයක් ගැන පවා කෘතඥතාව පිරිනමන්න. මෙය ඉරිසියාව අඩුකර ගැනීමට උදව් වේ. ඔබ මිතුරාගේ අලුත් බයිසිකලය ගැන සිතනවා වෙනුවට ඔබට බොහෝ ප්‍රයෝජනවත් වූ පැරණි බයිසිකලය දෙස කෘතඥතාපූර්වකව බලන්න.
සතිමත් බව (Mindfulness)
හිමිවීම් නොලද අතීතය හෝ හිමිවීම් අවිශ්වාස අනාගතය ගැන වදවීම නවතා දමා තමුන් ගතකරන මොහොත තුළ ජීවත්වීමේ ශිල්පක්‍රමය පුහුණුවීම ඉරිසියාවෙන් ඔබ මුදවයි.
විවේකයක් ගන්න
ඉරිසියා සිතිවිලි මෝරා මතුවෙද්දී ඕනෑම අයකුට එය දැනෙනු ඇත. එවන් අවස්ථාවලදී විවේකයක් ගන්න’ අවධානය වෙනතකට යොමුකරන්න. ඔබට දැනෙන දේ ගැන සටහන් තබන්න. ඇවිදින්න. විනාඩි 10 ක පමණ සිත සන්සුන් වන දෙයක නියැලෙන්න.
ඔබගේ වටිනාකම මතක් කරන්න
සෑම පුද්ගලයකුම සුවිශේෂී බවත් ලොවට විටිනා බවත් එය සත්‍ය බවත් මෙනෙහි කරන්න. මින් ආත්මාභිමානය වැඩී ඉරිසියාව තුනී වෙනු ඇත.
කරදර නොවී කාලය ලබාදෙන්න
ඉරිසියා හැඟීම් වහා ඉවත් නොවෙතැයි කනස්සලු නොවන්න. කාලයට ඉඩ ලබාදෙන්න.
මනෝචිකිත්සකයකු හමුවෙන්න
අවශ්‍යම නම් පමණක් මනෝචිකිත්සකයකු වෙත යොමුවෙන්න.
https://www.healthline.com/ ඇසුරිනි
සුනිල් අල්ගම