වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම්වල අතිවිශිෂ්ට නිර්මාණ ශිල්පීන් වූ ශ්‍රී ලාංකිකයින් විවිධ රාජධානි යුගවල මහල් කිහිපයකින් යුතු ගොඩනැගිලි ඉදිකරන ලදී. අදින් වසර 2000 කට ප්‍රථමව එකල ලොව උසින් වැඩිම බහු මහල් ගොඩනැගිල්ලක් වූ ගල් කණු 1600 ක් මත ඉදි වූ ලෝවාමහාපාය, පරාක්‍රමබාහු රජ මාළිගය වැනි ඉදිකිරීම් උදාහරණ ලෙස දැක්විය හැකිය. ඉන් පසුව වලව් වැනි ප්‍රභූ නිවාස මහල් කිහිපයකින් යුතුව ඉදිකරන ලදී. මේ ආකාරයට මහල් කිහිපයකින් යුතුව විකාශනය වෙමින් පැමිණි මෙම ගොඩනැගිලි වර්තමානයේ සාමාන්‍ය ජනතාවගේ නිවාස සඳහා ද යොදා ගනී.
වර්තමානයේ පර්චස් 06, 08, 10, 12 වැනි කුඩා ඉඩම් මිලදී ගන්නා ජනතාව ඉඩ කඩ අඩු වීම නිසා බොහෝ අවස්ථාවල මහල් දෙකකට හෝ තුනකට තම නිවස ඉදිකිරීමට පෙළඹෙයි.වර්තමානයේ නිවාස තැනීමට යන අමුද්‍රව්‍ය මිල, වැඩ කුලී සහ අනෙකුත් වියදම් වැඩි වීමත් සමඟ මහල් කිහිපයක නිවසක් නම් පහල මහල පමණක් සාදා පදිංචියට පැමිණෙයි. නමුත් පහල මහල සකසා ගැනීමෙන් පසුව බොහෝදෙනෙකුට විවිධ ගැටලු මත ඉහළ මහල තනා ගැනීමට තරමක උනන්දුව අඩු වීමක් ඇත.
කෙසේ වෙතත් ආර්ථික ශක්තීන් මත සම්පූර්ණ වශයෙන් නිවසක් ලෙස හෝ වාණිජ නැතිනම් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වශයෙන් ඉදිකර ගැනීමෙන් පසුව විවිධ අවශ්‍යතා සඳහා ඉහළ මහල සහ පහත මහල යොදා ගනී. එනම් සමහර අවස්ථාවල පහත මහලේ වෙළඳසැලක් ඉදිකර ඉහළ මහල තම පදිංචිය සඳහා යොදා ගනී. ඇතැමුන් එක් මහලක තමන් පදිංචි වී අනෙක් මහල කුළියට ලබා දීම සිදු කරයි. තවත් සමහරෙක් මහල් දෙකම තම පදිංචිය සඳහා යොදා ගනී.
ඒ කෙසේ වෙතත් නිවසක ඉහළ සහ පහත මහල්වලට වෙන් වෙන් වශයෙන් බලපාන්නාවූ වාස්තු සිද්ධාන්ත බොහොමයක් ඇත. නිවසක ඇතුළතින් පඩිපෙළ යොදා ඇත්නම් එය තනි නිවසක් ලෙස පවතී. නමුත් පඩි පෙළ නිවසේ පිටතින් යොදා ඉහළ මහලට වෙනම ස්ථානයකින් යාමට හැකියාව ඇති නිවසක නම් ඉහළ මහල වෙනම නිවසක් ලෙසද වාස්තු ශක්තීන් බල ගැන්වේ. නිවසක අත්තිවාරමේ දෝෂ නොමැති විට ඉහළ මහලේ දෝෂ නොමැති ලෙස පිළිගැනේ.
එනම් පහත මහලේ වර්ගඵලය නිවැරදි වීම දිශාවන්ට සුදුසු ලෙස ගෘහ අංග පිහිටීම දිශා අංග හීන දෝෂයන්ට ලක් නොවීම ප්‍රධාන මර්මස්ථාන මගහැර පිහිටීම වැනි නිවැරදි වාස්තු ශාස්ත්‍ර සිද්ධාන්ත මත පහත මහල ඉදිකර ඇත්නම් ඉහළ මහලට වාස්තු දෝෂ බල නොපාන බවට සමහරුන් තුළ යම් යම් මත පැවතියද සමහර වාස්තු සිද්ධාන්ත අනුව ඒවා වෙනස් වන අවස්ථා ඇත. මෙහිදී,
● මුළුතැන්ගෙය : ඉහළ මහලේ මුළුතැන්ගෙයත් පහත මහලේ මුළුතැන්ගෙයත් යන මුළුතැන්ගෙවල් දෙකක් ඇති විට ඒවා ගිණිකොන හෝ වයඹ දිශාවන් වලට වන්නට එක මත එක පිහිටීම ඉතාම සුදුසුය. ඉහළ මහලේ මුළුතැන්ගෙයට යටින් පහත මහලේ නිදන කාමරයක් තිබීම ඉතා අසුබ පිහිටීමක්වන අතර එය එම නිදන කාමරවල සිටින අයට මානසික ගැටලු ඇති කරවන පිහිටීමක් වනු ඇත.
● බැල්කනිය : පහත මාලයේ ඉස්තෝප්පුව එසේත් නැතිනම් වැරැන්ඩාව ඉහළ මහලට ගෙන ගිය විට එය බැල්කනිය ලෙස හඳුන්වයි. ඉහළ මහලේදී ඊසාන දිශාවට බැල්කනිය සඳහා සුදුසුම දිශාව ලෙස හැඳින්විය හැකිය. තවද සඳ බැලීම සඳහා සුදුසුම ස්ථානය සද`ඵතලය ලෙස ද හඳුන්වන මෙම ගෘහ අංගය ඊසාන දිශාවේ පිහිටුවා තිබීම මගින් මානසික පිඩනයක් ඇති විට මානසික විවේකය, නිදහස, සුවය ඉහළ නංවා ගැනීම සඳහා ගැවසීමට ඉහළ මහලේ ඇති වටිනාම ගෘහ අංගයක් ලෙස හැඳින්විය හැකිය.
● වැසිකිළිය : ඉහළ මහලේ වැසිකිළියත් බොහෝ අවස්ථාවලදී පහත මහලේ වැසිකිළිය ඉහලින්ම සැලසුම් කරයි. මෙය ඉතාම සුදුසු ක්රමයකි. නමුත් ඇතැම් විට ඉහළ මහලේ වැසිකිළිය පහත මහලේ නිදන කාමරයක් උඩින් පිහිටන අවස්ථා ඇත. මෙය නුසුදුසු පිහිටීමකි. එම නිදන කාමරයේ ජීවත් වන අයට ලෙඩ රෝග සහ මානසික පීඩා ඇති කරවයි. තවද ඉහළ මහලේ වැසිකිළිය පහල මහලේ මුළුතැන්ගෙට ඉහලින් පිහිටා ඇති අවස්ථා ඇත. මෙයද ඉතාමත් අශුභ පිහිටීමකි.
● පූජාසනය : සෑම අයෙකුම තමන් අදහන ආගමට ධර්මයට ගෞරවයක් දක්වන බව සැබෑය. ඒබැවින් නිවසක පූජාසනය පිහිටුවිය යුත්තේද ගෞරවය රැකෙන පරිදිය. ඒ සඳහා සුදුසුම දිශාව වන්නෙ ඊසාන දිශාවයි. නමුත් පහත මහලයේ පූජාසනය තිබෙන ස්ථානයට ඉහළින් උඩු මහලේ නිවැසියන් සිටින හෝ ගමන් කරන ස්ථානයක් නොතිබිය යුතු අතර නිවසේ පූජාසනයට ඉහළින් ඉහළ මහලේ නිදන කාමර, වැසිකිළි, ගබඩා කාමර වැනි ගෘහ අංග ඉදිකිරීමද ඉතාම නුසුදුසු වන අතර නොදැනුවත්කම හෝ වැඩි දුර නොසිතීම මත තම ආගමික ශාස්තෘන් වහන්සේලාට කරන අගෞරව කිරීමකි.
පහත මහලේ පූජාසනයක් ඇත්නම් එම ස්ථානයට ඉහළින් ඉහළ මහලේ පූජාසනයක් තිබිම ඉතාම සුදුසුය. නැතිනම් නිවසක පූජාසනය ඉහළ මහලේ තිබීම වඩාත්ම ගෞරවනීය බව සඳහන් කළ හැකිය. තවත් වැදගත් කරුණක් ලෙස ඉහළ මහලේ සමාජයට අහිතකර ආකාරයේ ව්‍යාපාර හෝ වෙනත් සේවාවන් පවත්වාගෙන යන ස්ථානයක් නම් පහත මහලේ සිටින අයට අහිතකර බලපෑම් ඇති කරවන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. තවද ඉහළ මහල උස් පහත් වීම මතද නිවසකට සුබ අසුබ බලපායි.
නිවසක ඉහළ මහලක් ඇති විට වහළය යොදන ගෘහ අංග උස් පහත් කොට වහළය වෙනම කොටස් ලෙස සැලසුම් කරයි. නමුත් මෙය ඉතාම කල්පනාකාරීව වාස්තු සිද්ධාන්ත මත සිදු කළ යුතුය. මෙහිදී උතුර, ඊසාන, නැගෙනහිර දිශාවන් වල වහළ තරමක් පහතිනුත් දකුණ, නිරිත හා බටහිර යන දිශාවන් වලට යෙදෙන වහළ තරමක් සාපේක්ෂව වැඩි උසකින් තිබීම වාඩාත් සුදුසුය.
මෙහිදි ඉහළ මහලේ දකුණ, නිරිත, බටහිර දිශාවන් උස්වීම මඟින් එම නිවසට වාස්තු ශක්තිය වැඩි වශයෙන් බලපායි. දකුණු දිශාව උස්වීම හා උතුරු දිශාව පහත්වීම බව බෝග ලැබීමට හේතුවකි. බටහිර දිශාව උස්වීම හා නැගෙනහිර දිශාව පහත්වීම ධන සම්පත් ලැබීමට හේතුවකි. නිරිත දිශාව උස්වී ඊසාන දිශාව පහත්වීම සුදුසු වන අතර තැන්පත් ධනය ආරක්ෂා වන සහ ධන සම්පත් ලැබෙන බොහෝ ශක්තීන් නිවස තුළ රැඳෙන ශුභ පිහිටීමකි. මේ අයුරින් බලන විට සමාන ගතිගුණ ඇති පුද්ගලයින් ඒ හා සමාන ගතිගුණ ඇති පුද්ගලයින් සමග එකතුවන්නාසේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ශක්තීන්ගේ බලපෑම පහත මහලට මෙන්ම ඉහළ මහලටත් තුලනාත්මකව යොදා ගත යුතුමය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ධම්මික හේවාවසම්