නවීන පන්නයට සාදනු ලබන මහල් නිවාස සංකීර්ණවලින් සියලු පහසුකම් සහිත නිවාස මිලදී ගනු ලබන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය. නාගරිකව ජීවත්වීමේදී දරුවන්ගේ පාසල් ගමනේ සිට රාජකාරි ස්ථානයට ළඟාවීමට ඇති පහසුව මෙන්ම සියලු කරුණු සැලකිල්ලට ගෙන ජීවත්වීම සඳහා නවීන උපාංග වලින් සපිරි එවන්වූ නිවසක් මිලට ගත්තද එවැනි නිවාස ඉදිකිරීමේදී සිදුවන වාස්තු දෝෂ සෑම නිවසකම පාහේ සුලභව දැකිය හැකිය. කුමන වාස්තු උපදේශයන් ලබාගත්තද එකවර නිවාස ගණනක් එකම භූමියක තට්ටු කිහිපයක ඉදිකර ගැනීමේදී කිසිවිටෙක නියමාකාර වාස්තු විද්‍යානුකූලව ඉදිකර ගැනීමට නොහැක.
එහිදී සැලසුම්කරු, පිරිසිදු වාතාශ්‍රය ආලෝකය ලබාගැනීම හා අලංකාර බව යන සාධක තුන පමණක් ගළපා සැලසුම නිර්මාණය කරයි. බොහෝ විට ලාභය පමණක් පදනම් කරගෙන ඉදිකරන මෙවැනි නිවාස සංකීර්ණ වල කාලයක් ජීවත්වීමේදී ඔවුන්ගේ ජීවිතවල ආර්ථික වශයෙන් ඇතිවන පසුබෑම නිසා වාස්තු පිළිබඳව පසුවට සැලකිලිමත් වුවද කිසිවක් නවීකරණ කොට මෙම දෝෂයන් ඉවත්කර ගැනීමට නොහැකි වේ. නිවසින් නිවස යාබදව සකසා ඇති මෙම නිවසක කිසිවිටෙක නිවැරදි වර්ගයක් සාදා ගැනීමට නොහැකි වන අතර දිශාගත කිරීම්ද ගැටලු සහගත වේ. ඉඩකඩ අපතේ නොයන ආකාරයෙන් සියලු පහසුකම් සහිතව ඉදිකරන මෙම නවීන පන්නයේ නිවාස සංකීර්ණවල මුළුතැන්ගෙය ගිණිකොණ දිශාවට ගැනීමට එක් නිවසකට හැකිවූවද සෑම නිවසකම එය එලෙස සිදුකිරීම අපහසු වේ. එහිදී ගිණිකොණ දිශාවට මුළුතැන්ගෙය පිහිටා නැති කල නිවසේ ආර්ථික දියුණුවක් ගැන සිතිය නොහැක. ලෙඩරෝග, පවුල් ජීවිතවල ගැටලු තත්ත්වයන් ඇතිකරවයි.
මෙවැනි අවස්ථාවල කඩාබිඳ නොදමා නියමාකාරව සකසන ලද වාස්තු යන්ත්‍රයක් යොදා එය නිවැරදි කරගත හැකිවේ. ලංකාව වාසී අපටම වෙන්වුණු බලසම්පන්න වාස්තු යන්ත්‍ර සාදා ගැනීමට හැකියාය තිබුණද අද වනවිට මෙවැනි ක්‍රම පිළිබඳව නිසි අවබෝධයක් ඇති වාස්තුවේදීන් සිටින්නෙ ඉතා අතළොස්සකි. එහෙත් වාස්තු යන්ත්‍ර, කෙම්ක්රම පයිරා වාස්තු යන ක්‍රම පිළිබදව හැදෑරීමක් සිදුකළ වාස්තුවේදීන් පෙරට වඩා සිටිති. එම නිසා නිවසක ඇති වාස්තු දෝෂ කඩාබිඳ නොදමා වෙනස් කිරීමේ හැකියාව පවතී.
තඹ කොළයක නියමාකාරව අඳිනු ලබන වාස්තු යන්ත්‍රයක් නිවසේ හතරකොණ හා අටකොණ ස්ථානගත කිරීමෙන් නිවසේ වාස්තු දෝෂ නිසා ඇතිවූ ගැටලුකාරි තත්ත්වයන් සමනය කරගත හැකිය. දක්ෂිණාවෘත ස්වස්තිකය නිසා ක්‍රමවේදයන්ට අනුව හරි හතරැස් තඹ කොළයක නිසි ප්‍රමාණයට ප්‍රස්තාරගත කර ප්‍රබල මන්ත්‍ර වලින් සිද්ධි කර නිවසේ ස්ථානගත කිරීමෙන් නිවසක වාස්තු දෝෂ මගහරවාගත හැකිවේ. එය වාස්තු දෝෂ සහිත නිවසක ස්ථානගත කළවිට ප්‍රබල වාස්තු දෝෂ ගණනාවක් මඟහරවා ගත හැකිය.නිවසක ප්‍රධාන කාමරය නිරිත දිශාවට තිබීම එම නිවසේ දියුණුව සඳහා ප්‍රධාන වශයෙන් බලපාන අතර තට්ටු නිවාස වල ඉදිවන බොහෝ නිවාසවල ප්‍රධාන කාමරය නිරිතට ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි බව ඔබ තේරුම් ගත යුතුය. එවැනි අවස්ථාවක ඔබගේ විවාහ ජීවිතයේ ඇතිවන ගැටලු හා ආර්ථික ගැටලු දරුඵල සම්බන්ධව ඇතිවන ගැටලු වැනි තත්ත්වයන් මගහරවා ගැනීමට ඉහත සඳහන් කළ පරිදි වාස්තු යන්ත්‍රයක් පිරිමීඩ් යන්ත්‍රයක් භාවිතා කර මෙම තත්ත්වයන් නිවැරදි කරගැනීමට හැකියාව පවතී.
නිවසක පිරිසිදුවම තබාගත යුතු දිශාව වන්නේ ඊසාන දිශාවයි. ඊසාන දිශාව නිවසේ සමගිය, ආර්ථික දියුණුව, දේව ආකර්ෂණය හා විශ්වශක්තීන්ගේ ආකර්ෂණයට ප්‍රධානව බලපානු ලබයි. දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුව සඳහාද ඊසාන දිශාවේ බලපෑම වැදගත් වේ. මේ අයුරකින් තට්ටු නිවසක නාන කාමරයක් දිශාගත වී ඇත්නම් ඉහත විස්තර කළ ආකාරයට කිසිවක් යහපත් අයුරින් සිදුනොවේ.
එවැනි අවස්ථාවල වාස්තු යන්ත්‍රය හා කේන්ද්‍රීය ශක්තිය මුල්කරගත් පිරමීඩ් යන්ත්‍ර භාවිතා කළ හැකි අතර ඉපැරණි කෙම්ක්රම වලින් එකක්වූ පැඟිරි පැළයක් සිටවූ බඳුනක් තැබීමෙන් මෙම දෝෂ තත්ත්වයන් සමනය කර ගත හැකිවේ. බොහෝවිට නිවාස සංකීර්ණවල නිවසින් නිවසට පිවිසීමට ඇති දොර පිහිටා ඇත්තේ ගැටලු සහගත ආකාරයටය. එවැනි අවස්ථාවලදී පිරමීඩ් යන්ත්‍ර මාර්ගයෙන් ප්‍රධාන දොර ස්ථානගතවීමේදී ඇතිවූ දෝෂ තත්ත්වයක් සමනය කර සාර්ථකත්වයන් ළඟා කරගත හැකිවේ.
විදුලි සෝපානය, විදුලි මීටරය වැනි අංගයන්ද පොදුවේ සැමට ගැළපෙන අයුරින් ස්ථානගත කර තිබුණද එය නිවසින් නිවසට වෙනස් ආකාරයට දිශාගතවීම් සිදුවේ. මේ ආකාරයෙන් තාක්ෂණික මෙවලම් ස්ථානගත කිරීමෙන් ඇතිවන දෝෂ තත්ත්වයන් සමනය කර ගැනීමටද පිරමීඩ් තාක්ෂණය මහෝපකාරී වේ.තවද මෙම නවීන පන්නයේ නිවාස වල දැකිය හැකි ප්‍රධාන දෝෂයක් වන්නේ බ්‍රහ්ම පාදය නිවැරදි ලෙස ස්ථානගත නොවීමයි.
එසේම බ්‍රහ්ම පාදයට වැඩි බරක් යෙදීම නොකළ යුතු අතර හොඳින් ආලෝකය ඇතිව සෑදීම වැදගත් වේ. නිතර නොපෑගෙන ස්ථානයක බ්‍රහ්මපාදය හෙවත් ගිණිකතිරය තිබිය යුතුය. එහෙත් මෙම නිවාස වල එවැනි දෝෂ තත්ත්වයන් බහුලව දැකගත හැකිවේ. ඒ සඳහාද වාස්තු යන්ත්‍ර පිරමීඩ් යන්ත්‍ර, කෙම් ක්‍රම ආදියෙන් බොහෝ පිළියම් යෙදිය හැකිවේ. මෙවැනි වාස්තු දෝෂ තත්ත්වයන් 100% ක් නැති කරගත හැකි නොවුණද 70% ක පමණ ප්‍රමාණයක් අඩුකර ගත හැකි බව කිවයුතුමය. ලෝකයේ රටවල් ගණනාවක භාවිතවන පිරමීඩ් යන්ත්‍රය මුලින්ම භාවිතයට ගෙන ඇත්තේ ඉන්දියාව හා ලංකාවයි. එම තාක්ෂණයන්ගෙන් හා වාස්තු ක්‍රම මගින් නිවාස වල වාස්තු දෝෂ තත්ත්වයන් දුරුකර ගනිමින් ජීවිත සාර්ථක කරගත් පිරිස් බොහෝය.
වාස්තු යන්ත්‍රය මෙන්ම අනෙකුත් සියලු ක්‍රමවල ඇත්තේ විද්‍යාත්මක පදනමකි. මෙම ක්රමයන් මහල් නිවාස සංකීර්ණවලට පමණක් නොව කඩාබිඳ නොදමා නිවසක වාස්තුව නිවැරදි කර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට භාවිත කළ හැකිය. වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ වුවද මෙම ක්‍රමය ඉතා සාර්ථක වේ. තමන් මහන්සියෙන් ඉදිකරගත් නිවසේ දෝෂ තිබුණද කඩා බිඳ නොදමා එය නිවැරදි අයුරින් සකසා ගැනීමට බොහෝ දෙනෙකු කැමැතිය. අළුත්වැඩියා කිරීමට යන මුදලට වඩා අඩු මුදලකින් වාස්තු යන්ත්‍ර භාවිත කර වාස්තු දෝෂ සමනය කරගත හැකි වනු ඇත. එසේ නම් ඉදිකළ නිවසට කිසිදු හානියක් නොවන අයුරින් වාස්තු දෝෂ දුරුකර ගනිමින් සාර්ථකත්වය කරා ළඟාවීමටත් මෙම ක්‍රම ඔබට බෙහෙවින් වැදගත් වනු ඇත.
වාස්තු විද්‍යා විශාරද
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශමාන්‍ය
අජිත් මද්දුමආරච්චි
සුබසෙත ජ්‍යොතිෂ මධ්‍යස්ථානය
දොම්පෙ
ධම්මික හේවාවසම්