තථාගත දේශනාවට අනුව මියගිය ඥාතීන් වෙනුවෙන් මළවුන් පිදීම වෙනුවට මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිං පෙත් දීම යන උතුම් කාර්යන් කිරීම මගින් ඔවුන්ට යහපතක් සිදුවන බව තථාගතයන් වහන්සේ දේශනා කරන ලදී
මරණාසන්න අවස්ථාව අනුව තීරණය වීම
ඇතැම් පුද්ගලයන් ජීවත්ව සිටින කාලයේදී හැකිතාක් පිංකම් කළත් පස් පව්වලින් වැළකී යහපතම සිදුකළත් මරණාසන්න අවස්ථාවේදී මෙලොව ඇති දෙයට යම් ආශාවක් ඇතිවීම නිසා ඔවුන්ගේ පරලොව උපත සුගතිගාමී නොවේ.
හැම දෙනාටම පින් ලැබෙන්නේ නැහැ
නාගසේන රජතුමා විසින් විමසූ ප්‍රශ්නයකට මිළිඳු රජතුමා දෙන පිළිතුරු අනුව දුගතියෙහි උපදින ප්‍රේතයන් ගැන සඳහන් වේ. රජතුමනි, මියගිය යම් කෙනෙක් නිරයේ ඉපිද සිටීද ඔවුන් පින් නොලබයි. එමෙන්ම දෙවියන් අතර සිටීද පින් නොලැබෙයි. තිරිසන් අපායෙහි සිටින්නේ නම් ඔවුන්ද පින් නොලබයි. මහරජාණෙනි, ප්‍රේත කොටස් හතරක් සිටී.
වන්භාසිතා
අවුරුදු දහස් ගණනක් ඉතා දුකසේ වමනය, සෙම්, සොටු අනුභව කරන ප්‍රේත කොටස්.
බුප්පිපාසිඤ
කල්ප ගනණාවක් පිපාසයෙන් පීඩා විඳින ප්‍රේතයෝ.
නිජ්ජාමන්හිත
කල්ප ගණනාවක් ගිනි ඇවිළුණු සිරුරෙන් හඬ නගමින් ඇවිදින ප්‍රේත කොටස්.
පරදත්තුපජීව
ඥාති මිත්‍රාදීන් විසින් දන් පැන් දී අනුමෝදන් කරන පිනෙන් යැපෙන ප්‍රේතයෝ. එම පරදත්තුපජීව ප්‍රේතයෝ පිපාසාව සන්සිඳෙන තරමට බත් සහ පැන් නොලබන්නෝය. විලි වසා ගැනීමට වස්ත්‍ර නැත්තෝය. වාසයට ගෙවල් නැත්තෝය. ඒවා ලබා ගැනීමට ඔවුන්ට කළ හැකි දෙයක්ද නොමැත. ඔවුන්ට ඇති එකම විසඳුම වන්නේ ඥාති මිත්‍රාදීන් විසින් ලබාදෙන පින් අනුමෝදන් කර ගැනීම පමණි. මෙම මියගිය ඥාති හිත මිත්‍රාදීන් ඉහත කී දුක්වලින් මුදවා හැකි මේ යන අරමුණෙන් එම අයට පිං දීම සත්පුරුෂ ගතියකි.
මෙම මළගිය ඥාතීන් වෙනුවෙන් සිදු කරන පිංකම්වල මූලික අරමුණ වන්නේ මියගිය අයට පිං දීමයි. ඊට අමතරව මේ පින්කම්වලින් දන් පින් කරන්නාටත් මෙලොව පරලොව වශයෙන් යහපතක් සිදු වේ. මේ බැව් බුද්ධ දේශනාවන් මගින් අවබෝධ කර ගත් නිසා පිංකම් සිදුකරගැනීම බෞද්ධයාගේ අරමුණයි.
ඒව මේව ඉතෝ දින්නං පේතානං උපලකප්පති
තේරුම– යම් සේ ගංඟාවක් පිරී ගිය කල මහා සමුදුරට වදීද එසේම මෙතැනින් වෑහෙන ජලය ගලා යන සේ එහි සිටින මියගිය වුනට ඵලදායී වේවා.
උණ්නං මේ උදක වච්චයථා තීරණ්ණ පවත්තති
ඒව මේව ඉතෝදින්නං පේතානං උපකප්පති
තේරුම– උස් තැනින් වැගිරූ සේ ජලය පහළට වැගිරී යන සේ මේ දුන් පින එහි සිටින ජීවින්ට අත්වේවා යන තේරුම ඇතුව පින් දහම් කිරීම බෞද්ධ ජනයාගේ අරමුණයි. මෙම අරමුණ ඇතුව සීලාදී උතුමන් වෙත දානාදී බොහෝ පුද සත්කාර කොට ලබාගන්නා වූ කුසලය මියගිය ඥාතීන්ට අනුමෝදන් කිරීමෙන් එම අය සුගතියට පත් වේ. මළගිය ඥාතීන් වෙනුවෙන් අපි පැන් වඩා පින් අනුමෝදන් කරනුයේද මේ උපමාවේ අදහස ප්‍රායෝගික ලෙසින් සංකේතාත්මක කිරීමටයි.
බිම්බිසාර රතුමාගේ ඥාතීන් සුගතියට පත් කිරීම
මේ සඳහා බුද්ධ දේශනාවන්හි සඳහන් බිම්බිසාර රජතුමා මියගිය අයට පිං දුන් ආකාරය හොඳම උදාහරණය වේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා මාස කීපයකින් බිම්බිසාර රජතුමාගේ ආරාධනයෙන් රජගහනුවරට වැඩි සේක.
බිම්බිසාර රජතුමා ඒ අවස්ථාවේ එතුමා බැහැදැකීමට පැමිණී සිටි මහා ලිච්ඡවි රජතුමා සමග බුදු රජාණන්වහ්නසේ වැඩ සිටි ස්ථානයට ගොස් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වූහ. බිම්බිසාර රජතුමා බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට පසු දින රජ මාළිගාවට වඩින ලෙස ආරාධනා කළහ. ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට දවල් දානය පූජා කළ රජතුමා ඉතා සතුටින් එදා රාත්‍රියේ නින්දට ගියහ.
නමුත් රජතුමාට සුවදායක නින්දක් ලැබුණේ නැත. මැදියම් රාත්‍රියේදී රජතුමා භයානක සිහින දැක අවදි වූ අතර නිරුවත් විරූපී අමනුස්යන් විලාප නගන්න, හඬන්න පටන් ගත්හ. රජතුමා පසුදින බුදු රජාණන්වහන්සේ හමුවට ගොස් මේ සිහිනය ගැන කිව්සේක.
මේ ප්‍රේතයන් යනු කාශ්‍යප බුදු රජාණන්වහන්සේ දවස රජතුමාගේ අතිත ඥාතීන් බවත් ඔවුන් අමනුෂ්‍ය ආත්මයන්හි ඉපිද දුක් විඳින නිසා දන්පැන් පිරිණමා මෙම ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන ලෙස බුදු රජාණන්වහන්සේ රජතුමාට දන්වා සිටි සේක.
රජතුමා එසේ කළ පසු මෙම ඥාතීන් ඔවුන්ගේ සා පිපාසා සංසිඳවා ගත්තෝය. එදා රාත්‍රියේ මියගිය ඥාතීන් දිව්‍යමය සළු හැඳ පැළඳ රජතුමා ඉදිරියේ පෙනී සිටියෝය. දානය වැළඳීමෙන් පසුව බුදු රජාණන්වහන්සේ තිරොකුඩ්ඩ සුත්‍රය දේශනා කළ සේක. ඛුද්දක නිකායේ එන තිරොකුඩ්ඩ සුත්‍රය සුත්‍රයේ සඳහන් වන අන්දමට ඕනෑම කෙනෙකුට උපත් හතරකි.
■ අණ්ඩජ ■ ජලාබුජ
■ සංසේදජ ■ ඕපපාතික
අපි ලබාදෙන පින් මියගිය ඥාතීන්ට ලබාගත හැකිද?
මෙය බොහෝ දෙනාට තිබෙන ගැටලුවකි. තථාගත දේශනාවට අනුව ජානුප්පහොති සුදුසු තැනදී ලැබෙනවා. නුසුදුසු තැනදී නොලැබෙනවා. යමෙක් පින් දුන්න පමණින්“ සුජීවත්ව සිටින අයට මියගිය හැම කෙනෙක් වෙනුවෙන්ම පින් අනුමෝදන් කරන්න බැහැ. එමෙන්ම ප්‍රේත කොට්ඨාශයටන් එම පමණක් පින් ලබාගත නොහැකි බවත් කියැවේ.
මියගිය අය වෙනුවෙන් නිතර නිතර පිං කරන්න කියන්නේ ඇයි?
මියගිය ඥාතියා පිං ගැනීමට පුළුවන් තැනක සිටින්නේ නම් එම පින ගත හැකියි. පින් ගත නොහැකි තැනක සිටී නම් එම පින සසරේ ඔබ සමග සිටි බිරිඳ, දරුවන්, මව්පියන්ට අත්වේ. මේ අතර සසරේ අපේ ඥාතියකු නොවුණ කෙනෙකු නැතැයි තථාගත දේශනාවේ සඳහන් වේ.
සංසාරේ කොතරම් දුක් සහගතද ඔබට වැටහෙනවා නේද? මියගිය පසුව ජීවත්ව සිටින අයගෙන් හිතන තරම් පහසු දෙයක් නොවේ. එබැවින් හැකි හැම විටම ඔබ ඔබ වෙනුවෙන් පින් රැස් කරන්න. ධර්මයෙහි හැසිරෙන්න. එවිට ඔබගේ පරලොව සුගතගාමී වනු ඇත.
ආචාර්ය පූජ්‍ය යකල්ලේ පේමානන්ද ස්වාමින්වහන්සේ
නාවක්කුලම – මෙගොඩවැව
පුන්‍යා චාන්දනී ද සිල්වා