නිවසක් පිරිසිදු කරනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නම් නෙවෙයි. ඒ හින්දාම ගොඩක් අයට ගෙදර පිරිසිදු කරනවා කියන එක හිසරදයක් වගෙ දෙයක්. එහෙම එපා නොවී පහසුවෙන් ගෙදර පිරිසිදු කරගන්න නම් අපි පාවිච්චි කරන්න ඕනෙ පහසු කෙටි ක්‍රම. ඒ වගේ පහසු ටිප්ස් කිහිපයක් අද පිටුවෙන් අපි කියල දෙන්න හිතුවා.
මුලින් කුණුගොඩ සුද්ද කරගෙන ඉන්න
හැමදාම පිළිවෙලටම ඉන්න විදියේ කෙනෙක් නෙවෙයි නම් සාමාන්‍යයෙන් මෙය මාස ගානකට අවුරුද්දකට සැරයක් ගෙදර අස් කරන්න යනකොට දකින්න පුළුවන් සමහර කාමරවල සෑහෙන අනවශ්‍ය දේවල් එකතුවෙලා තියෙනවා.
ඒ කියන්නෙ පරණ පත්තර, හිස් පෙට්ටි, හිස් බෑග්, කවදහරි අඳින්න පුළුවන් වෙයි කියල තියාගත්ත ඇඳුම් වගේ දේවල්. අපි පිරිසිදු කරන්න පටන් ගන්න කලින් කරන්න ඕන දේ තමයි මේ අනවශ්‍ය දේවල් ටික සුද්ද කරන එක. මුලින්ම තියෙන අවශ්‍ය දේවල් මොනවද, අපිට වැදගත් වෙන්නෙ මොනවද, අපිට එපා දේවල් මොනවද කියල. වෙන් කරගන්න ඕන.
වරකට කාමරයක් බැඟින් අස් කරනවාද? මුළු නිවසම අස් කරනවාද?
සාමාන්‍යයෙන් ගෙදර යම් කොටසක් පිරිසිදු කරනවා කියන්නෙ මුලින්ම දූවිලි පිස දාලා, බඩුමුට්ටු පිළිවෙලකට එකලස් කිරීම සහ මොප් කිරීම කියන වැඩ ටික තමයි. එතකොට ඕන නම් අපිට එක කොනකින් පටන් අරගෙන ගෙයි එක එක කොටස සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගෙන යන්න පුළුවන්.
ඒකෙත් දූවිලි පිහි දාලා, බඩුමුට්ටු එකලස් කරල ඊට පස්සේ මොප් කරනවා. ඊළඟට දෙවැනි කාමරය. ඒකත් එහෙමයි. හැබැයි එතකොට අපි සම්පූර්ණ පිරිසිදු කරන ප්‍රොසෙස් එකම ආයි ආයි කරනවා කියල තමයි දැනෙන්නේ.
හැබැයි ඔක්කොම කොටස් සම්පූර්ණ සුද්ද කරන වැඩේ කරගෙන යනවට වඩා, අඩු මහන්සියකින්, වැඩි උද්යෝගයකින් ඔය වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මුළු නිවසම එකපාර පිරිසිදු කරන එක.
ඒ කියන්නේ මුලින් අපි දූවිලි පිහිදානවා. එතකොට නිවසේ සාලය, කාමර, නාන කාමර, කුස්සිය වගේ කොටස්වල දූවිලි එකපාර පිහිදානවා. ඊට පස්සේ බඩුමුට්ටු පිළිවෙල කරල එකලස් කරන එකත් කොටසින් කොටස මුළු ගෙදරම කරගෙන යනවා. අවසානයට තියෙන්නෙ මුළු ගෙදරම මොප් කරන්න එක.
පිරිසුදු කරන උපාංග එක තැනකට ගන්න
ගොඩක් වෙලාවට අපිට ගෙදර පිරිසිදු කරන වගේ වැඩේ් එපා වෙන්නෙ ඒ සඳහා අවශ්‍ය කරන උපාංග තැන් තැනවල තියෙන එක. එකෙන් වෙන්නෙ අපට අවශ්‍ය කරන උපාංග හොයාන්න වෙනම කාලයක් යන එකයි. අන්තිමට වෙන්නේ වැඩේට තියන උනන්දුව නැති වෙලා යන එක. ඒ නිසා හොඳම දේ තමයි වැඩේ පටන් ගන්න කලින්ම අවශ්‍ය කරන මෙවලම් ටික එකතුකර ගන්න එක.
ඊට පස්සේ ඒ ටික වැඩේට උදව්වක් වෙන විදිහට එකලස් කරගැනීම. උදාහරණයක් විදිහට දූවිලි පිසදාන කොසු, බ්‍රෂ්, රෙදි කෑලි එහෙම බාල්දියකට දාගෙන අරන් යන්න පුළුවන්. ඒ අතරෙම මකුළු දැල් කඩන කොසු එහෙමත් තියාගන්න පුළුවන්. එතකොට මොප් එක, මොප් බාල්දිය, සබන් වගෙ දේවල් එහෙම මොප් කරන වෙලාවට හොයන්න තියන්න එපා. ඒවත් ළඟින් තියාගන්න. එතකොට මකුළු දැල් ටික කඩලා, බඩුමුට්ටු පිළිවෙලක් කරල එනකොට මොප් කරන්න ඕන බඩු ටිකත් අත ළඟම තියෙනවා.
හරියට දූවිලි පිසදාමු
ගෙදරක දූවිලි පිහිදාන වැඩේ ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුලින්ම ගෙදර ඇදුම, පීනස වගේ දේවල් තියෙන අය සහ පොඩි ළමයින්ව ඈත් කරල තියන්න ඕන. තමන්ටත් මාස්ක් එකක් දාගෙන වැඩේ පටන් ගන්නවා නම් හොඳයි. ඊට පස්සේ ගෙදර ෆෑන් ඕෆ් කරල ජනෙල් එහෙමත් ඇරලා දූවිලි පිහිදාන එක පටන් ගන්න ඕන. මතක තියාගන්න බඩුමුට්ටුවල උඩ විතරක් නෙවෙයි යටත් දූවිලි තියෙනවා. ඒවා පිහිදාන්න ඕන. උදාහරණයක් විදියට පුටුවක යට සාමාන්‍යයෙන් හොඳට සුද්ද කරන්න නම් මුලින් බැඳිලා තියෙන මකුළු දැල් කඩන්න ඕන. ඊට පස්සේ පුටුවෙ යට තියෙන දූවිලි ටික පිහිදාන්න ඕන.
කණ්ණාඩි සහ වීදුරු
කණ්ණාඩි සහ වීදුරු මතුපිට පිහිදානකොට සාමාන්‍යය ක්‍රමය තමයි තෙත් කරපු Microfiber රෙදි කැබැල්ලක් අරගෙන හොඳට පිහිදලා, ඊට පස්සෙ තෙත නැති රෙදි කෑල්ලකින් පිහදන එක. කණ්ණාඩිවල වීදුරුවල පැල්ලම් එහෙම තියනවනම් දත් බෙහෙත් ටිකක් ගාලා හොඳට රෙදි කෑල්ලකින් පිහිදාලා ඒ පැල්ලම් යවන්න පුළුවන්.
ඒ වගේම දොරවල් අරින හැන්ඩ්ල්, කැබිනට්වල මතුපිටවල්, ලයිට්, ෆෑන් වගේ දේවල් දාන ස්විච්, ටීවී රිමෝට් එක වගේ දේවල් පිහදාලා විතරක් මදි ඒවා විෂබීජහරණය කරන්නත් පුළුවන් නම් ඒක ඔබට හොඳයි. ඒකට වතුරට දාපු ඩෙටෝල් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සුදු විනාකිරි කෝප්පයකට වතුර කෝප්ප හතරක් මිශ්‍ර කරල ගෙදරම විෂබීජ නාශකයක් හදාගන්නත් පුළුවන්.
මොප් කරන්න කලින් හරියට අතුගාන්න
ගෙදර ඔක්කොම අස් කරල මකුළු දැල් කඩල, දූවිලි පිහිදල, වැකියුම් කළාට පස්සෙ අපිට තියෙන්නෙ මොප් කරන්න තමයි. කොයිතරම් වැකියුම් කරල තිබුණත් මොප් කරන්න කලින් මුළු ගේම එක පාරක් අතුගාන්න. මොප් කරනකොට සාමාන්‍යයෙන් එක පාරක් සබන් වගේ පිරිසුදුකාරකයක් මිශ්‍ර කරපු ජලයෙන් මොප් කරල,
ඊට පස්සේ පිරිසිදු ජලයෙන් මොප් කරල ඒ පිරිසිදුකාරක සහ අපිරිසිදු ජලය අයින් කරන කරන්න. අන්තිමට ඉතුරුවෙලා තියෙන වතුර ඉවත් කරල දානවා. ඒක තමයි හරි ක්‍රමය. හැබැයි මොප් කරන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න කොතනින්ද පටන් ගන්නේ කොතනින්ද ඉවර කරන්නෙ කියන එක. ඒක තීරණය කරන්න පුළුවන් අපි මොප් කරන අවකාශයේ හැටියට තමයි.
පිරිසුදු කරන අතරතුරේ දී පිරිසිදු කරන උපකරණත් පිරිසිදු කරන්න
ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක් තමයි අපි කාමරයක දූවිලි ගසලා තව කාමරයකට යනකොට අර දූවිලි ගසන බ්‍රෂ් එකේ කොයිතරම් දූවිලි එකතු වෙලා තියනවද? එක කාමරයක දෙකක මකුළු දැල් කඩල තව කාමරයකට යනකොටල මකුළු දැල් කඩන කොස්ස කොයි වගේද? අන්න ඒ නිසා අපි මතක තියාගන්න ඕන මේ පිරිසිදු කරන්න ගන්න මෙවලම් උපකරණ හැම දෙයක්ම ගෙදර පිරිසිදු කරන අතරවාරයේදීම පිරිසිදු කරමින් පාවිච්චි කරන්න. එතකොට අපිට පුළුවන් නිවස හරියටම පිරිසිදු කරගන්න.
( අන්තර්ජාලය ඇසුරෙන් )
අර්චිත ඉඳුවර