ලෝක ආතරයිටීස් දිනය ඔක්තෝම්බර් 12 දාට යෙදී තිබුණා. ලෙඩවලටත් දිනයක් වෙන් කරන්න සිද්ධවෙලා. එහෙම කරන්න වෙන එක මොන තරම් අවාසනාවන්ත සිද්ධියක්ද? හොඳයි ඒ කතා පැත්තකින් තියලා අපි ආතරයිටීස් ගැන කතා කරන්න පටන් ගත්තා. හොරිවිල සාන්ත සෙනවිරත්න වෙදමහත්තයා තමයි ඒකට සුදුසුම කෙනා…
වෙද මහත්තයා ඔස්ටියෝ ආතරයිටිස්වලින් දෑතේ ඇඟිලිවලට ලොකු බලපෑමක් කරනවා නේද ?
අනිවර්යයෙන්ම ඔව්. පොදුවේ ගත්තාම අත් දෙකට බලපාන රෝග අතර ෆ්‍රෝෂන් ෂෝල්ඩර්, කාපල් ටනල්, සින්ඩ්‍රෝම්, ටෙනිස් එල්බෝ, ගොල්ෆ් එල්බෝ, ට්‍රිගර් ෆින්ගර් වගේම ඔස්ටියෝ ආතරයිටීස් ඉදිරියෙන්ම තිබෙනවා. මේවායින් ට්‍රිගර් ෆින්ගර්, කාපල් ටනල් සින්ඩ්‍රෝම් වගේම ඔස්ටියෝ ආතරයිටීස් ඇඟිලි ඔය කියන විදිහට ඇඟිලිවල ක්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් එල්ල කරනවා. අනෙක් රෝග දෙකටම වඩා ඔස්ටියෝ ආතරයිටිස්වලින් අතේ ඇඟිලිවලට කරන බලපෑම ගොඩක් වැඩියි.
ප්‍රතිකාර නොගෙන නොසලකා හැරියොත් මොකද වෙන්නේ ?
ආයේ දෙකක් නැහැ විකෘති වෙලා පූර්ණ අකර්මන්‍යතාවට ලක්වෙනවා. ඇඟිලි ටික නිකන් රේක්කයක් වගේ තමයි. ඉතින් ඒක ඉතාම අවලස්සන තත්ත්වයක්.
ඔස්ටියෝ ආතරයිටිස් අතක එන්නෙ කොහොමද කියලා පැහැදිලි කළොත් ?
සාමාන්‍යයෙන් සිරුරේ සන්ධියක් ඇතුළේ ඇතිවන ආසාදනයක් කියලා මූලිකම හඳුන්වන්න පුළුවන්. සන්ධියක් කියන්නේ අස්ථි දෙකක් සම්බන්ධ වන ස්ථානයකටනේ. මෙය සන්ධි අතර තිබෙන තරල වගේම ඒ අස්ථි දෙක අතර සම්බන්ධය ඇති කරන බන්ධනය නිසා අපහසුවකින් තොරව සන්ධි නමන්න කරකවන්න පුළුවන් වෙලා තියෙනවා.
අල්ලෙ අස්ථි විශාල ප්‍රමාණයක් තියෙනවානේ. ඔස්ටියෝ ආතරයිටිස්වල බලපෑම මේ සියල්ලටම ඇතිවෙනවාද ?
ආයේ නැතුව… ඇතිවෙනවා. මුලදි ඇඟිලි පුරුකක වේදනාවක් පටන් ගන්නේ. එතනදි බොහෝම පහසුවෙන් ගොඩ දාන්න පුළුවන්. නොසලකා හැරියොත් ඉතින් ප්‍රතිපලය භයානකයි. සාමාන්‍ය තත්ත්වය යටතේ අතක මැණික් කටුව සන්ධියෙන් පහළ කොටසේ අස්ථි විසි හතක් තියෙනවා. ආතරයිටිස් රෝගයේ බලපෑම් නිසා මේවායේ සන්ධිවල තියෙන කාටිලේජවලට හානි සිදුවෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි චලන අපහසුතා, වේදනාව සමඟ ඉදිමීම ඇති වෙන්නේ.
ආතරයිටිස්වල ඇඟිලිවලට බලපාන තවත් ප්‍රභේද තියෙනවද ?
ප්‍රධාන වශයෙන් ගත්තාම ඉතින් ඔස්ටියෝ ආතරයිටිස් තමයි. හැබැයි ඉතින් අද කාලේ රුමටොයිඩ් ආතරයිටිස්වලින් වගේම සොරයිසිස් ආතරයිටීස් වර්ගත් වර්තා වෙනවා. එබඳු රෝගීන්ගේ වැඩි වීමක් හඳුනාගන්නට පුළුවන්. නමුත් ඔස්ටියෝ ආතරයිටිස් රෝගීන් තමයි බහුලව දකින්න ලැබෙන්නේ.
මොනවාද ඒ බටහිර පරීක්ෂණ ?
ඔස්ටියෝ ආතරයිටීස් – එක්ස් කිරණ පරීක්ෂාව
රුමටොයිඩ් ආතරයිටීස් – රුධිර පරීක්ෂාව
සොරයිසිස් ආතරයිටීස් – රුධිර පරීක්ෂාව
ඔබතුමාට මෙම පරීක්ෂණ වාර්තා අවශ්‍ය නැහැ කියලද කියන්නේ ?
මෙහෙමයි රෝගීන් සමහරු බටහිර ප්‍රතිකාර කරලා බැරිම තැන තමයි අපි ළඟට එන්නේ. ඒ හින්දා ඔය කියන පරීක්ෂණ වාර්තා ගොන්නකුත් උස්සගෙන තමයි මං ළඟට එන්නේ. ඒවා පැත්තකට කරලා මගේ ක්‍රමයට ලෙඩා පරික්ෂා කරලා මගේ නිගමනය දෙනවා. එතකොට ලෙඩ්ඩු කියනවා වෙද මහත්තයා හරිම පුදුමයි මේ රිපෝට්වල තියෙන්නෙත් ඔය කියපු එකම තමයි කියලා.
හෙළ වෙදකම ඒ තරමට දියුණුයිද ?
අනිවාර්යෙන්ම. ගුරුමුෂ්ටිය නිසා පැරණි වෙදකම් රාශියක් ගිලිහුණා. අපේ පරපුර තවම පවතින නිසා ඒවා ආරක්ෂා වෙලා තියෙනවා. ඉතිරි ටික හොර වෙද්දු ටික නැති කරලා දානවා. දැන් ලෙඩ්ඩුන්ට වඩා වැඩි හොරවිල නම අරගත්තු හොර වෙද්දු. මම කියන්නේ කියන්නෙ මේකයි දන්න වෙදකම කරන්න හැබැයි අපේ නම අරගෙන අසරණ රෝගීන් අමාරුවෙ දාන්න එපා කියලා.
ඒ කියන්නේ ආතරයිටිස් රෝගය ඔබට අභියෝගයක් නෙවෙයි
කොහෙත්ම නැහැ. රෝගියෝ ඉන්න රෝග තත්ත්වය අනුව සුවවන කාලය විතරක් එහා මෙහා වෙනවා.
ආචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ
ස්නායු රෝග පිළිබඳ විශේෂඥ
දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර
අජන්ත ජයසේකර