වාස්තු ශාස්ත්‍රය තුළදී අප විසින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංචමහා භූතයින්ගේ ක්‍රියාකාරිත්වයට අනුව එම දිශාවන්ට ගැළපෙන ලෙස සහ එම දිශාවල ඇති ශක්තීන්ට ගැළපෙන ලෙස ද ගෘහ අංග සැළසුම් කරයි.නමුත් බොහෝ අවස්ථාවලදී නිවසක ගෘහ අංග පමණක් වාස්තු ශාස්ත්‍රනුකූලව ගැළපුවද නිවසක අභ්‍යන්තර මෙන්ම නිවසින් පිටත ඇති නමුත් නිවස හා සෘජුවම සම්බන්ධවන අනෙකුත් වස්තූන් සහ උපාංග පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකරයි.
උදාහරණ ලෙස නිවසක ඇති විදුලි මීටරය සහ ජල මීටරය (මනුව) මෙහිදී ප්‍රධාන වශයෙන්ම හැඳින්විය හැකිය.විදුලිය නොතිබු කාලයේ පැරණි ජනතාව රාත්‍රී කාලයේ නිවාස ආලෝකමත් කරන ලද්දේ පහන්, ලාම්පු වැනි මෙවලම් මගිනි. තවද පොල් කටු අඟුරු ස්ත්‍රික්කය වැනි මෙවලම් හා උපාංග ද අවශ්‍යතා සඳහා භාවිත කරන ලදී. නමුත් වර්තමානයේ ඇති කාර්යබහුලත්වය මත හා ආර්ථික දියුණුව මත නිවසකට අවශ්‍යම වන සහ පහසුම බල ශක්තිය ලෙස විදුලි බලය ප්‍රධානම ප්රභවය බවට පත්ව තිබේ.
මෙහිදි නිවසට විදුලිය ලබා ගැනීමේදී නිවසේ යම් ස්ථානයක විදුලි මීටරය සවිකරනු ලබයි. විශාල විදුලි බලයක් ඇති මෙම ස්ථානයද පෙර සඳහන් කළ පරිදි වාස්තු ශාස්ත්රකනුකූලව සුදුසු දිශාවක සවි කළ යුතුය. මෙහිදී විශේෂයෙන්ම ජීවත් වන නිවසට බාධාවක් නොවන ලෙස විශ්ව ශක්තිය ගලනය වීම සඳහා මෙම බාහිර බලශක්ති ප්‍රභවයන් සම්බන්ධ කළ යුතුය.
විදුලි මීටරය නිවසට සවි කිරීමේදී ඒ සඳහා සුදුසුම දිශාව වනුයේ ගිනිකොණ දිශාවයි. නැත්නම් දෙවනුව වයඹ දිශාව සුදුසුයි.කිසිවිටකත් ඊසාන හා නිරිත දිශාවන්හි විදුලි මීටරය සවිකිරීමට නුසුදුසුය. මීට අමතරව උතුර හා නැගෙනහිර දිශාවන්ද විදුලි මීටරය සවි කිරීම සඳහා උචිත නොවේ.
කිසියම් නිවසක ඊසාන දිශාවේ විදුලි මීටරය සවි කර ඇත්නම් ඊසාන දිශාවෙන් නිවසට ගලා එන අන්තරික්ෂ ශක්තිය නැත්නම් විශ්ව ශක්තිය නිවසට ගලා ඒමට බාධා ඇති කරවයි. මෙහිදී ඊසාන දිශාවෙන් නිවසට ගලා එන සුබ ශක්තීන් අක්‍රමවත්ව, වියවුල් හෝ කැළඹීම් සහගත තත්ත්වයකට පත්වේ. තවද ආපෝ ධාතුව ජලය එසෙත් නොමැතිනම් වැගිරෙනසුළු ස්වභාවය ඇති ඊසාන දිශාවේ විදුලිය තිබීම ඉතා නුසුදුසු කරුණකි.
මෙහිදී සිදුවනු ලබන්නේ ඊසාන දිශාව ජලයට මූලික වන බැවින් එම දිශාවෙන් ගලා එන සුබ ශක්තීන් පොළවට පහත්වී ගමන් කිරීමයි. නමුත් මෙම දිශාවේම විදුලි මීටරය සවි කිරීමේදී එයින් නිකුත්වන විදුලි ශක්තිය මගින් මෙම අන්තරික්ෂ ශක්තිය නැවත ඉහළට එසවීම මගින් විකෘති වූ ශක්තියක් නිවසට ගලා ඒමයි. මෙම විකෘති ශක්තීන් එම නිවසේ ජීවත්වන්නන්ට ශාරීරිකව බෝ නොවන ආකාරයේ රෝග ඇතිවීමටත් ඉතාම අසහනකාරී මානසික ගැටලු ඇතිවීමටත් හේතුවක් වේ.
මීට අමතරව නිරිත දිශාවද විදුලි මීටරය සවි කිරීමට නුසුදුසුම අනෙක් දිශාව ලෙස හැඳින්විය හැකිය. නිරිත දිශාව යනු ඊසාන දිශාවෙන් ගලා එන සියලු සුබ ශක්තීන් ගබඩාකර ගනු ලබන දිශාවයි. මෙම දිශාවේ විදුලි මීටරය තිබීම මගින් ද ගබඩා වූ සුබ ශක්තීන් වේගයෙන් නිවසින් පිටතට ගලා යාමත් එම දිශාවේ විකෘති වූ ශක්තීන් තැන්පත් වීමත් සිදුවනු ඇත. මෙමඟින් එම නිවසේ සිටින අයට නිතර ආර්ථික ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ.
උතුරු දිශාව සහ නැගෙනහිර දිශාව ද සැලකුවිට උතුරු දිශාව ධනය නියෝජනය කරන දිශාව බැවින් උතුරු දිශාවේ විදුලි මීටරය තැබීම මඟින් එම දිශාවෙන් ලැබෙන සුබ ශක්තීන් වලටද බාධා ඇතිවන අතර ආර්ථිකමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. නැගෙහිර දිශාව සැලකු විටද එම දිශාවෙන් ලැබෙන ජීව ශක්තියට මෙම විදුලි මීටරය මගින් ඇතිවන බලපෑම මත නිවැසියන්ට බෝ නොවන රෝග ඇති වේ.තවද දකුණු හා බටහිර දිශාවන්ද විදුලි මීටරය සඳහා උචිත නොවන අතර මේ සඳහා වඩාත් සුදුසුම දිශාවන් වන්නේ ගිනිකොණ හා වයඹ දිශාවන්ය.
මෙම දිශාවන් දෙක පිළිබඳව සලකා බැලීමේදී නිවසක මුළුතැන්ගෙය සඳහා සුදුසුම දිශාවන් වේ. මෙම දිශාවන් වල ඇති තාපකාරක ශක්තිය තේජෝ ගුණයට සමාන වන බැවින් නිවසක විදුලි මීටරය සවිකිරීම සඳහා ඉතාම සුදුසුය. මීට අමතරව පෙර සඳහන් කරන ලද ඊසාන හා නිරිත යන අන්තරික්ෂ ශක්තීන් ගලනය වන රේඛාවන්ට වැඩිම දුරකින් පිහිටන දිශාවන් දෙක ගිනිකොණ හා වයඹ දිශාවන් බැවින් විශ්වීය සුබ ශක්තීන් කිසිඳු බාධාවකින් තොරව නිවසට ගලනය වේ.
තවද මීට අමතරව කුමන හෝ විදුලි උපකරණයක්, යාන වාහන ආදිය ඊසාන දිශාවේ ඇතිනම් එම විදුලි උපකරණ වලට හෝ යාන වාහන වලට නිතර තාක්ෂණික දෝෂයන් හටගනී. විදුලි උපකරණ නම් නිතර ක්‍රියාවිරහිත වීම් වාහන ආදිය නම් පණගැන්වීම්වලට අපහසුතා ඇතිවීම් සිදුවේ.
නිවසකට ජලය ලබා ගැනීම සඳහා මහා මාර්ගය කෙළවරින් දිවෙන ජල නල සමග කුඩා ජල නලයක් සවිකර තම නිවසට අවශ්‍ය ජලය ලබා ගනී. මෙහිදි ද සුදුසු දිශාවන් වලට අනුකූලව ජල මීටරයද සවිකර ගත යුතුයි.මේ සඳහා ප්‍රධාන වශයෙන්ම ඊසාන දිශාව ඉතාම සුදුසුය. පෙර සඳහන් කරන ලද අන්තරික්ෂ ශක්තීන් නිවසට ගලා ඒමටත් එම ශක්තීන් පොළව දෙසට ඇද ගැනීමටත් ජලය මහඟු පිටිවහලක් වේ.
උතුරු දිශාව හා නැගෙනහිර දිශාව ද ජල මීටරය සකස් කර ගැනීමට සුදුසු දිශාවකි. එනම් ජල ධාතුව හෙවත් ආපෝ ධාතුව උතුර, ඊසාන හා නැගෙනහිර දිශාවන් නියෝජනය කරන බැවින් මෙම දිශාවන් වල ජල මීටරය සවි කිරීම ඉතාම සුදුසුය. තවද මීට අමතරව විකල්ප දිශාවක් ලෙස බටහිර දිශාවද මේ සඳහා තරමක් සුදුසු බව සඳහන් කළ යුතුය.
නමුත් තේජෝ ගුණය හෙවත් තාප ශක්තිය ජනනය වන ගිනිකොණ හෝ වයඹ දිශාවන් වල ආපෝ ගුණය පවතින හෙයින් ජලය මූලික කර ගත් ජල මීටරය සවිකිරීම නොකළ යුතුය.මේ අනුව බලන විට නිවසක ගෘහ අංග පමණක් නොව නිවස පිටතින් සවිකරනු ලබන මෙවලම් හා උපාංග වලටද දිශාවන්ගේ බලපෑම් හා ශක්තීන් පදනම් කරගෙන ඉදි කළ යුතුයි.
නිවසක් සැළසුම් කිරිමේදීත් නිවසක ගෘහ අභ්‍යන්තරය සැළසුම් කිරීමේදීත් නිවසින් පිටත ඇති මෙවලම් සහ උපාංග සවි කිරීමේදීත් තුලනාත්මකව යොදා ගැනීම තුළින් ශාරීරික මෙන්ම මානසික සුවය පිරි නිවසක් තුළ ජීවත්වීමට තරම් ඔබ වාසනාවන්ත වනු ඇත.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
ධම්මික හේවාවසම් ✍️