දරුවන් නව පාසල් වාරය සඳහා සූදානම් කිරීම අතින් දෙමව්පිය පාර්ශවයෙන්ද ඇත්තේ විශාල කාර්යභාරයක් මෙන්ම වගකීමක්. මෙය දෙමව්පියන්ගේ හිසට මහත් බරකි.
කනස්සලු නොවෙන්න
ඔබ දරුවා පසුගිය වසරේ පාසල සමග කරන ලද අරගල, පවුලේ ආතතිය, ගෙදර වැඩ අලුතින් එකතුවීම, කෝපගන්වන සුළු මතක මානසික පීඩනය සඳහා හේතුකොට ගත යුතු නැත. දරුවා ඉදිරි පාසල් වර්ෂය සඳහා සූදානම් කිරීම සඳහා සැලසුම් සකස් කරන්න.
දරුවා වේලාසනින් අවදිකරවීම ආරම්භ කරන්න
එලාම් භාවිත කරමින් පාසලට සතියකට පෙර සිටම කාලසටහනට ඔවුන් හුරු කරන්න. දරුවා මුහුණ සේදීම, උදෑසන ආහාර ගැනීම ආදියේ සිට නැවත නින්දට යෑම දක්වා වෙලාව සැලසුම් කරන්න.
රාත්‍රියේ නිහඬ වේලාවක්
මෙම නිහඬ කාලය තුළ ඉලෙක්ට්‍රොනික් උපකරණ වසාදමා පොතක් පතක් හෝ සඟරාවක් කියවීමට ඉඩ දෙන්න. මෙහි වැදගත්කම ඔවුන් ඉලෙක්ට්‍රොනික් උපකරණ වලින් බැහැරව සිටීමට පුහුණු කිරීමයි.
දරුවන්ට දිරිගැන්වීමේ ත්‍යාග
ඔබ දරුවා විෂයයන් සඳහා ලබා ගන්නා ශ්‍රේණි මත අගැයීම් ත්‍යාග පිරිනැමීමට උත්සාහ කරන්න. මෙය තර්ජනයෙන් තොරව දරුවා සාර්ථකත්වය සඳහා උත්සාහ කරවීමට කෙරෙන පෙළඹවීමකි. නිසි පරිදි කළමනාකරණය කරන ලද සිසු කණ්ඩායම් සමග ඉගෙනීමට දිරිමත් කිරීම වඩා ප්‍රතිඵලදායකය.
තනිවම අයිතිවාසිකම් උපයා ගැනීමට පුහුණු කරන්න
ඔබ විෂය සියල්ලටම බී සාමාර්ථ ගන්නේ නම් තනිවම කාමරය තුළ පාඩම් කළ හැකිය. “සී එකකට වඩා ඇති විට කාමරයට නොගොස් මා අසල සිටම පාඩම් කළ යුතුයි.” මේ ක්‍රමවේදය අනුගමනය කරන්න. ස්වාධීනව වැඩකර ගත නොහැකි දරුවන් දෙමව්පිය අධීක්ෂණය යටතේ පාඩම් කළ යුතුය.
ස්වභාවික අසාර්ථකවීම්වලට මුහුණ දීමට ඉඩ දෙන්න
ආසර්ථක වීම් ස්වභාවිකය. කුඩා කළ සිට නව යොවුන් විය දක්වා ඉගෙන ගනිද්දී දරුවා එසේ ස්වභාවිකවම ලැබෙන දඬුවම් තුළින් වැරදි ගැන ඉගෙන ගනියි. මෙහි තේරුම විභාග අසමත් වීමට ඉඩ හැරීම නොවේ. ඔවුන්ව අභිප්‍රේරණය කිරීම දෙමව්පිය යුතුකමය.
ඵලදායී දෙමව්පියකු වෙන්න
ඔබට පරිපූර්ණ දෙමාපියකු වීමට නොහැකි මුත් පරිපූර්ණ දෙමාපියකු විය හැකිය. එය දරුවාගේ අනාගතය යහපත් කරනු ඇත.
(https://www.empoweringparents/.com ඇසුරෙන්)
සුනිල් අල්ගම ✍️